මගේ නම තෙනුක් චන්ද්‍රප.. ඉගෙන ගන්නේ හේනේගම ජාතික පාසලේ 6 ශ්‍රේණියේ. මම චාරිකා යන්න හරි කැමතියි. ඒ වගේම ත්‍රාසජනක වැඩවලට තමයි වැඩිපුරම කැමති. කඳු නගින්න වැව්වල නාන්න, දියඇලි බලන්න, කැලෑවල ඇවිදින්න.
මම අය්යත් මල්ලිත් තාත්ත සහ අම්මත් සමග නිතර යනවා. මම වැඩිපුරම
කැමති වියළි කලාපයේ වැව්, නටබුන් බලන්න. අපේ රටේ අතීත ජනතාවගේ දස්කම් දැකබලාගන්න. දුර
පළාත්වලින් අලුත් යාලුවෝ ඇතිකර ගන්න. මේ දිනවල නම් (2020 මාර්තු/ මැයි) වසංගතය
නිසා චාරිකා ඔක්කොම නැවතිලා. ඒ කාලෙ ලියපු සටහන් ඔබට ඉදිරියට කියවීමට ලැබේවි.